IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් විසින් ඊජිප්තු සිනායි අර්ධද්වීපය වෙත දැවැන්ත ප්රහාරයක් එල්ල කරර ඇති බව පැවසෙයි.
ඊජිප්තු ආරක්ෂක අංශ ඉලක්ක කරමින් එල්ල කර තිබූ මෙම ප්රහාරයෙන් හමුදා සෙබලු 10ක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් ඉස්ලාමීය අන්තවාදී සටන්කාමීන් පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
නමුත්, නිල නොලත් තොරතුරුවලට අනුව මියගිය පිරිස 50 ඉක්මවනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.