IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් සිය ග්‍රහණයට ගත් පිලිපීනයේ මරාවි නගරය යළි අත්පත් කරගැනීමට පිලිපීනය ක්‍රියාකිරීමෙන් පසුව එම නගරය යළි ගොඩනැංවීම සඳහා ජපානය ආධාර කිරීමට කැමැත්ත පළ කර තිබේ.
පිලිපීනයේ, දකුණුදිග මින්දනාඕ දූපතේ පිහිටි මරාවි නගරය යළි ගොඩනැගීම සඳහා ආධාර කිරීමට ජපාන අගමැති ෂින්සෝ අබේ කැමැත්ත පළ කර ඇත්තේ, පසුගියදා ටෝකියෝ නුවරදී පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ හමුවූ අවස්ථාවේදීය.
මෙම නගරය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට පත්වූයේ පසුගිය ජූනි මාසයේදීය. එතැන් පටන් මාස පහක කාලයක් ත්‍රස්ත ග්‍රහණයේ පැවති මෙම නගරය යළි අත්පත් කරගැනීම සඳහා පිලිපීන හමුදා වෙත ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු හමුදාවල සහාය හිමිවූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම නගරය අත්පත් කරගැනීමේ දැවැන්ත මෙහෙයුමේදී නගරයේ බොහෝ කොටස් හා ගොඩනැගිලි විනාශ වූ අතර, නගරයේ ජීවත් වූ ලක්ෂ 3කට ආසන්න සාමාන්‍ය වැසියන් පිරිසක් අතවැන් වූහ.
මේ තත්ත්වය තුළ යළි පිලිපීනයේ පාලනයට නතුවූ මෙම නගරය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ජපානය සිය කැමැත්ත පළ කරමින්, ඇ.ඩො.බිලියන 5.28ක ණය ආධාරයක්ද එරටට ලබාදීමට එකඟ වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.