IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් ඉරාකයේ බටහිර අන්බාර් පළාතේ නගරයක් වෙත ප්රහාරයක් එල්ල කරමින් මොසුල් වෙත සිදුවන මෙහෙයුමේ අවධානය වෙනතකට යොමුකිරීමේ උත්සාහයක් දරා ඇති බව විදෙස් වර්තා පවසයි.
එම පළාතේ, රට්බා නගරයේ නගරාධිපතිවරයා පවසා සිටියේ ඉසාල්ම රාජ්ය ත්රස්තයන් නගරයේ පැති තුනකින් අතිශය දරුණු ප්රහාරයක් නගරය වෙත එල්ල කළ බවයි.
නගරාධිපති ඉමාඩ් මෙෂාල් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ටත්, රජයේ ආරක්ෂක හමුදාවන්ටත් මැදිව සිටිමින් මෙම ප්රකාශය සිදුකර තිබේ.
මේ අතර, මොසුල් අත්පත් කරගැනීමේ මෙහෙයුම්වල නිරත කුර්දි පෙෂ්මෙර්ගා හමුදාව මොසුල් නගරයට ඊසානදිගින් සිය මෙහෙයුම් දැඩිකර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කුර්දි හා ඉරාක රජයේ හමුදා එක්ව, ඇමෙරිකානු ඒකාබද්ධ හමුදාවේද සහාය ඇතිව මොසුල් අල්ලා ගැනීමේ මෙහෙයුම් සිදුකරයි.