IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් සිය අගනුවරට ලෙස සැලකූ රක්ඛා නගරයේ බලය සියතට ගැනීමට ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ සහාය ලබන සිරියානු, කුර්දි හා අරාබි ප්රහාරකයන්ගෙන් යුතු හමුදා කණ්ඩායම් සමත්ව තිබේ.
මෙම නගරය අත්පත් කරගැනීම සඳහා ත්රස්තයන් සමග දරුණු ගැටුම් ඇති වූ බව සඳහන් වන අතර, කුර්දි වයි.පී.ජී. හමුදාවේ ධජයන් මේ වනවිට නගරය පුරා ලෙලදෙන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ප්‍රහාරයෙන් පසුව පළායමින් සිටින ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් ලුහුබඳිමින් ඔවුන් ඝාතනය කිරීමටද එම හමුදා කණ්ඩායම් කටයුතු කරන බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
මෙම මෙහෙයුමේදී ජීවිත 3,000කට වඩා අහිමි වී ඇති අතර, ඉන් අඩකට ආසන්න පිරිස සාමාන්‍ය වැසියන් බවද කියැවේ.
මේ තත්ත්වය තුළ සිය සිහින ඉස්ලාම් රාජ්‍ය බොඳවැටෙන IS ත්රස්තයන්ට ඉතිරිව ඇත්තේ ඉරාක හා සිරියානු දේශයේ ඉතා සුළු බිම් ප්‍රමාණයක් පමණක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.