IS ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදීන් මීට පෙර අත්පත් කරගෙන තිබූ භූමි ප්රමාණයෙන් කාලකට වැඩි ප්රමාණයක් මේ වනවිට ඔවුන්ට අහිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ආරක්ෂක හා හමුදා දත්ත විශ්ලේෂණයේ යෙදෙන IHS සංවිධානය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේදී ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය වඩා බලවත්ව සිටි අවධියේ සිට මේ දක්වා ඔවුන්ගේ භූමි ප්රමාණය 28% කින් අඩු වී ඇති බවයි.
එහිදී, මෙම වසරේ මුල් මාස නවයක කාලය තුළ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට වර්ග කිලෝමීටර් 78,000ත් - 65,500ත් අතර භූමි ප්රමාණයක්, එනම් ශ්රී ලංකාව තරම් භූමි ප්රමාණයක් අහිමිව ඇති බව IHS විශ්ලේෂණ දත්ත පෙන්වා දෙන බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ පරාජයන් හා ඔවුන්ට භූමිය අහිමි වීම්වල යම් දුර්වලතාවක් පෙන්වන බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව, පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා ඉස්ලාම් රාජ්ය ත්රස්තයනට අහිමිව ඇත්තේ වර්ග කිලෝමීටර් 2,800ක් පමණි.
මේ ආකාරයෙන් ඔවුන්ගේ භූමිය අහිමි වීම යම් ප්රමාණයකට දුර්වලවීමට රුසියානු ගුවන් ප්රහාර අඩුවීම හේතුවක් බවද එම දත්ත විශ්ලේෂන පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇති වූ රුසියානු හා ඇමෙරිකානු ඒකාබද්ධ ප්රහාරයන් පිළිබඳ කතාබහ බිඳ වැටීමත්, එම දෙපාර්ශ්වය අතර පවතින මතභේදකාරී තත්ත්වයත් මෙසේ ඉස්ලාම් රාජ්ය වෙත ප්රහාර අඩුවීමට හේතු විය. කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්ය මුලිනුපුටා දමන බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටීන් මීට පෙරද අවධාරණය කර තිබුණි.