IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් සමග සම්බන්ධ ඊජිපතු ජිහාඩ් සටන්කාමීන් පිරිසක් පවසා සිටියේ ඔවුන් එරට සිනායි අර්ධද්වීපයේ සිට ඊශ්රායලයට රොකට් ප්රහාරයක් එල්ල කළ බවයි.
ඊශ්රායලය ඊජිප්තු හමුදාවට සහාය දැක්වීමට විරෝධය පෑමක් ලෙස මෙම රොකට් ප්රහාරය එල්ල කළ බව මෙම ජිහාඩ්වරු පවසති.
මේ අතර, ඊශ්රායලයද මෙම ප්රහාරය තහවුරු කර ඇති අතර, රටේ දකුණුදිග ප්රදේශයකට වැටුණු ප්රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ බව ඔවුන් පවසයි.
පසුගිය බදාදා දිනයේදී සිනායි අර්ධද්වීපයේ සිදුවූ ගැටුම්වලින් ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඊජිප්තු සොල්දාදුවන් 17 දෙනෙකුද ජීවිතක්ෂයට පත්විය.