IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සිරියාවේ පැල්මයිරා ලෝක උරුම නගරයේ බලය සියතට ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජීවත් වන අතිදුර්ලභ ඉබීස් පක්ෂීන්ද දැඩි අවදානමකට පත්ව ඇති බවයි.
මෙම ප්‍රදේශය ආශ්‍රිතව 2002 වසරේදී සොයා ගැනුණු මෙම කුරුළු විශේෂය අතිශය දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙයි.
මේ අතර, පසුගිය සතියේදී මෙම කුරුල්ලන්ගේ ආරක්ෂාවට සිටි පිරිසද සටන්වලට මැදිවීම හේතුවෙන් කුරුල්ලන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න නොදන්නා බවත් බලධාරීහු පවසති.
මෙම කුරුල්ලන් පිළිබඳ තොරතුරුක් ලබාදෙන්නෙකුට ත්‍යාගයක් පිරිනැමීමටද සිරියානු බලධාරීන් කටයුතු කළත්, මිනිසත් බවක් නොමැති ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගෙන් සතෙකුට බේරී සිටීමට හැකි වුවහොත් එය පුදුමයක් විය හැකි බව සත්වවේදීහු පවසති.