ඉරාකයේ, ෆලූජා නගරය ආශ්රිතව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කරන ලද ගුවන් ප්රහාරවලින් IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, මෙම ප්රහාරයේදී ඔවුන්ගේ වාහන 40කට වැඩි ප්රමාණයක් විනාශ කළ බවද ඇමෙරිකානු බලධාරීහු පවසති.
මෙම දත්ත වඩාත් නිවැරදි නම්, මෙම ජිහාඩ් සංවිධානය වෙත මෙතෙක් එල්ල කෙරුණු දරුණුතම ප්රහාරය මෙය වනු ඇති බව කියැවෙයි.
ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ බල කඳවුරක් ලෙස සැලකෙන ෆලූජා නගරයෙන් දකුණුදිග පෙදෙසට මෙම දරුණු ප්රහාරය එල්ල කර තිබේ.
ඉස්ලාම් රාජ්ය සිරියාව හා ඉරාකය යා කොට ප්රකාශයට පත් කිරීමෙන් පසුව පසුගිය කාලය පුරාවට ඔවුන් වෙත එල්ල කෙරුණු දරුණු ප්රතිප්රහාර හමුවේ මේ වනවිට ඔවුන්ගේ ඒ සිහින රාජ්ය බොහෝ සෙයින් විනාශ වෙමින් ඇති බවද ඒකාබද්ධ ආරක්ෂක අංශ පවසයි.
මේ තත්ත්වය තුළ එම සංවිධානය විදේශයන්ගේ වඩාත් සංවේදී ඉලක්ක වෙත ප්රහාර එල්ල කරමින්, ඔවුන්ගේ දරුණු පසුබෑම සාධාරණීකරණය කරගැනීමට උත්සාහ දරන බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.