ඉරාක්යේ මොසුල් නගරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්රහණයෙන් යළි අත්පත් කරගැනීමේ හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව ඉරාක අගමැති හයිදර් අල්-අබාදි අවධාරණය කරයි.
ඉරාක රජයේ හමුදා, කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන් සහ ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තියෙන්ද යුතුව දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව මෙම දැවැන්ත ප්‍රහාරය අරඹන බවද අගමැතිවරයා පවසා තිබේ.
මොසුල් නගරය ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන අතර, එය 2014 ජනවාරි මාසයේ සිට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයට නතු තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේදී සිවිල් වැසියන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇති අතර, එය මිලියන 1.2ක පමණ ජනතාවකට සෘජුව බලපානු ඇති බවද පෙන්වා දී තිබේ.
ඉරාකය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බලය පවතින අවසන් ප්‍රබල බලකඳවුර ලෙස මොසුන් නගරය සැලකෙයි.
ඒ අනුව, මොසුල් නගරය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය පරාජයට පත්වුවහොත් එය ඉරාකය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ ප්‍රබල පරාජයක් වනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.