ජෝර්දාන ජාතික ප්‍රකට රචකයෙකු වූ නහෙඩ් හට්ටාර් අම්මාන් අගනුවර අධිකරණය ඉදිරිපිටදී දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
IS විරෝධී කාටූනයක් ෆේස්බුක් සමාජජාලය තුළ හුවමාරු කිරීමක් නිසා රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ විවිධ මුස්ලිම් කණ්ඩායම්වල විරෝධතා මධ්‍යයේය.
දේශපාලන විශ්ලේෂකයෙකු මෙන්ම, තීරු ලිපි රචකයෙකුද වන ඔහු විසින් සමාජජාල තුළ හුවමාරු කළ කාටූනය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අන්තවාදී විශ්වාස විවේචනය කරන්නක් බව කියැවෙයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ස්වර්ගය පිළිබඳ පෙන්වන විපරීත දැක්ම විවේචනය කිරීමක් හැර තමන් ඉන් කිසිවක් බලාපොරොත්තු නොවූ බව හට්ටාර් එවකට සිය ට්විටර් ගිණුම තුළින් කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, ඔහු තම නඩුව වෙනුවෙන් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔහුට වෙඩි තැබූ පුද්ගලයා පසුව ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජෝර්ජාදන අගමැති කාර්යාලය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර, එරට රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ මෙම අපරාධය සිදුකළ තැනැත්තාට දඬුවම් නියත බවයි.