රෝගි විනිශ්චය කිරීමෙන් පසුව HIV ආසාධිතයෙකු බව හඳුනාගත් සැමටම ඊට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
රෝගය තවදුරටත් හඳුනාගැනීමට මීට පෙර යම් කාලයක් ගෙන ප්‍රතිකාර ඇරඹීමේ ප්‍රතිපත්තිය මේ අනුව ඉවත් කෙරෙන බව ඔවුන් කියයි.
එමෙන්ම, HIV ආසාධනය වීමේ ඉඩකඩ ඇති පිරිස් වෙතද අදාළ ප්‍රතිකාර කිරීමෙන් ඔවුන් ඉන් වළක්වා ගැනීමට කටයුතු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.