චීනයේදී පැවති G20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ආරක්ෂක කටයුතුවල යෙදී සිටි චීන හමුදා සෙබලියක්, එරට වඩාත් සුන්දරම පෞද්ගලික ආරක්ෂක නිලධාරිනිය ලෙස සමාජජාල තුළ ප්‍රසිද්ධියක් ලබා තිබේ.
චීනයේ, හැන්ග්සෝ හිදී පැවති මෙම රාජ්‍ය නායක සමුළුව අතරතුර පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ ඇය සෙසු ආරක්ෂක නිලධාරීන් අතර වඩාත් කැපී පෙනෙන තත්ත්වයකට පත්ව තිබුණේ ඇගේ රූප ස්වභාව නිසාය.
දකුණුදිග චීනයේ, ගුයියාන්ග් නගරයේ පදිංචි ෂූ ෂින් ලෙස හඳුනාගෙන තිබූ මෙම රුවැත්තිය 90 දශකයේ උපත ලැබූවෙකු බවට පමණක් මුලින් තොරතුරු හෙළිවී තිබුණි.
G20 රාජ්‍ය නායක සමුළුවේ වඩාත් බලගතුම පෞද්ගලික ආරක්ෂකයා කවුද? යන මැයෙන් ෂිංහුවා පුවත් ඒජන්සිය පළ කර තිබූ ලිපියක ඇගේ ඡායාරූපය පළ වීමත් සමග මෙම රුවැත්තිය පිළිබඳ සමාජජාල තුළ වැඩි කතාබහක් ඇති වී තිබුණි.
ඇය එම රාජ්‍ය නායක සමුළුවේදී ඉතාලි අග්‍රාමාත්‍ය මැට්ටියෝ රෙන්සිගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, 2013 වසරේදී චීන මහජන හමුදාවේ වඩාත් සුන්දරම හමුදා සෙබලියන් 10 දෙනා අතරට එක්වූවෙකු ලෙසද හඳුනාගෙන ඇත.
චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගීත ගායනයටද ඇලුම්කමක් දක්වන ඇය එරට ප්‍රකට රියැලිටි සංගීත වැඩසටහනක දෙවැනි ස්ථානයක ලබා තිබුණි.