FBI ඊමේල් පරීක්ෂණයෙක් ගොඩගිය හිලරිට එරෙහි අලුත් පරීක්ෂණයක්
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන කාලයේදී හිලරි ක්ලින්ටන් නොසැලකිලිමත් අන්දමින් ඊමේල් පරිහරණය කර ඇතිද යන්න සොයාබැලීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ඇරඹීමට සැරසෙයි.
ඇය එවකට පෞද්ගලික ඊමේල් ගිණුම් හරහා අතිශය රහසිගත පණිවුඩ හුවමාරු කිරීමක් එෆ්.බී.අයි. ආයතනය විසින් අනාවරණය කළත්, ඇයට එරෙහිව අපරාධ චෝදනා ගොනු නොකෙරෙන බව පැවසුණි. මන්දයත්, ඇය එවැනි සංවේදී ඊමේල් පණිවුඩ පෞද්ගලික ගිණුමකින් යැවීම හෝ ලැබීම සිදුකර තිබුණේ, ඒවා හිතාමතා අනතුරේ හෙලීමේ අරමුණින්ද යන්න පිළිබඳ සාක්ෂි නොමැති බව එෆ්.බී.අයි ප්‍රධානියා කීය.
නමුත්, ඇය මෙන්ම ඇයගේ කාර්ය මණ්ඩලය නොසැලකිලිමත් අයුරින් සංවේදී ඊමේල් පණිවුඩ හසුරුවා ඇති බව ප්‍රකට වන බව පැවසූ එෆ්.බී.අයි. ප්‍රධානියා, එම ක්‍රියාව දැඩිව විවේචනය කළේය. නමුත්, ඇයට එරෙහිව වූ එෆ්.බී.අයි. පරීක්ෂණ අවසන් විය.
නමුත්, දැන් මෙම සිදුවීම සම්බන්ධයෙන් නවතම පරීක්ෂණයක් ඇරඹීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
හිටපු රාජ්‍ය ලේකම්වරිය මෙන්ම, එවකට ඇය සමග රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇතැම් නිලධාරීන් දැන් ඉන් ඉවත්ව තිබුණත්, මෙම පරීක්ෂණය පැවැත්වෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරියෙන් සිටින හිලරිගේ ඡන්ද ව්‍යාපාරය කෙරෙහි මෙය දැඩි බලපෑමක් ඇති කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
එමෙන්ම, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනය වෙතද ඇඟිල්ල දිගු කරමින් කියන්නේ, හිටපු රාජ්‍ය ලේකම්වරිය නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව ඔප්පු වුවත්, ඇයට දඬුවම් නොලැබීම පුදුම සහගත ක්‍රියාවක් බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

