Facebook බලය අයුතු ලෙස පාවිච්චි කරනවාලු
අන්තර්ජාලයේ පළ වන අසභ්‍ය ළමා ඡායාරූප සහ සුප්‍රසිද්ධ යුද ඡායාරූප අතර වෙනස හඳුනාගැනීමට තරම් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ නොහැකියාව ප්‍රකට වී ඇති බවට චෝදනාවක් එල්ල වෙයි.
වියට්නාම් යුද්ධය අවස්ථාවේදී ගිනිගෙන දැවෙන නෙපාම් ගම්මානයෙන් පළා යන නිරුවත් ගැහැනු දරුවාගේ සුප්‍රසිද්ධ ඡායාරූපය ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත්කිරීම පිළිබඳව මෙසේ මාර්ක් සකර්බර්ක් බලය අයුතු ලෙස පාවිච්චි කරන්නෙකු ලෙස චෝදනාවට ලක්ව තිබේ.
නොර්වේ රාජ්‍යයේ ජනප්‍රිය පුවත්පත වන ඇෆ්ටන්පොස්ටන් පුවත්පතේ සංස්කාරක එස්පෙන් එගිල් මෙම දැඩි චෝදනාව ෆේස්බුක් නිර්මාතෘවරයා වෙත සිදුකර ඇත්තේ නෝර්වේ ජාතික ලේඛකයෙකු වූ ටොම් එග්ලන්ඩ් එම ඡායාරූපය යුද ඉතිහාසය දැක්වෙන රූප පෙළකට එක්කිරීමෙන් පසුව එය ෆේස්බුක් සමාජජාලය විසින් බලහත්කාරයෙන්ම ඉවත් කිරීමත් සමගිනි.
ටොම් වෙත විශේෂ පණිවුඩයක් එවමින්, සංස්කෘතිකමය හේතු මත නිරුවත තහනම් කර ඇති බව පවසමින් ෆේස්බුක් සමාජජාලය ඔහුගේ යුද ඡායාරූප පෙළ ඉවත් කර ඔහුට ෆේස්බුක් සමාජජාලයට ඇතුළුවීමට නොහැකි වන සේ ඔහුගේ ෆේස්බුක් ගිණුමද අවහිර කොට තිබුණු බවට චෝදනා එල්ල වෙයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

