ඇමෙරිකාව විසින් මහා පුරසාරම් දොඩවමින් ලෝකයට හඳුන්වාදුන් F-35 ප්රහාරක යානයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම සමස්ත යානා ඇණියම භාවිතයෙන් ඉවත්වන ලකුණු පහළ වී තිබේ.
ඇ.ඩො.බිලියන 400ක වටිනාකමකින් යුතු යානා 2,500ක පමණ යානා ඇණියක් මේ සමගම ගුවනින් සමුගනු ඇති බවද විශ්වාස කෙරෙයි.
පස් වැනි පරම්පරාවේ ප්රහාරක යානයක් ලෙස සැලකෙන මෙම යානයේ මොළය ලෙස සැලකෙන මෙම පරිගණක දත්ත පද්ධතිය වෙනුවට යොදාගත හැකි පද්ධතියක් නොමැති බවද කියැවෙයි.
2017 වසරේදී හඳුන්වාදීමට නියමිතව තිබුණද, 2015 ජූලි මාසයේදී ප්රථම වරට ගුවනට පැමිණි F-35 ප්රහාරක යානය සිරස් අතට ගොඩබෑමක් කළ හැකි ප්රබල ප්රහාරක යානයක් ලෙස සැලකුණි.