ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්රමාද දෝෂ සිදුව ඇති බවත්, එකී ප්රමාද දෝෂ නිසා මිලියන ගණනක් ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් අයුතු ප්රයෝජනයන්ට නතුව ඇති බවත් පවසමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්රසිද්ධියේ සමාව ගෙන තිබේ.
දත්ත සම්බන්ධයෙන් ක්රියාකරන සමාගමක් වන Cambridge Analytica සමාගම විසින් ෆේස්බුක් පරිශීලක දත්ත මිලියන ගණනක් දේශපාලන සේවාදායකයන් වෙනුවෙන් අයුතු ලෙස ප්රයෝජනයට ගෙන ඇති බව අනාවරණය වීමත් සමග ෆේස්බුක් සමාගමේ වත්කම් පවා ඇ.ඩො.බිලියන ගණනකින් පහළ වැටී තිබුණි.
මේ තත්ත්වය තුළ විශේෂ ප්රකාශයක් කරමින් සකර්බර්ග් පවසා තිබුණේ විශ්වාසයේ පළුදුවීමක් සිදුව ඇති බවය.
ඉන් අනතුරුව සී.එන්.එන්. වෙත ප්රවෘත්ති සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ප්රසිද්ධියේ සමාව ඇයද සිටියේය.
එමෙන්ම, ෆේස්බුක් මත ක්රියාත්මක වන මෙවැනි වංචනික වැඩසටහන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර සිටියේය.