2011 වසරේදී ජපානයට බලපෑ සුනාමියත් සමග විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර ආශ්රිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල විකිරණශීලීත්වය පිළිබඳ නවතම තොරතුරු ගණනය කිරීම සඳහා අලුත් රොබෝ මාළුවෙකු නිර්මාණය කර තිබේ.
පාන් ගෙඩියක පමණ ප්‍රමාණයෙන් යුතුව ටොෂිබා සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම රොබෝව 'ලිට්ල් සන්ෆිෂ්' ලෙස නම් කර ඇති අතර, එය ජලයේ ඉතා දුෂ්කර ස්ථාන වෙත පවා පිහිනා යා හැකි රොබෝවක් බැවින්, නෂ්ටික බලාගාරයේ ජලයෙන් යට වූ ප්‍රතික්‍රියාකාරක වෙත ළඟා වීමට යොදාගත හැකි බව විශ්වාස කෙරෙයි.
ටොෂිබා කණ්ඩායම් සමග මෙම පර්යේෂණ කණ්ඩායම විසින් අදාළ රොබෝ යන්ත්‍රයෙන් ලබාගන්නා දත්ත ඒ අවස්ථාවේදීම පාලක මැදිරිය වෙත ලාබගැනීමට සූදානම් කර ඇති අතර, එකී දත්ත මගින් බලාගාරයේ මේ වනවිට පවතින විකිරණශීලීත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇති බව කියයි.
කෙසේ වෙතත්, මීට පෙරද මේ වෙත යෑම සඳහා රොබෝ යන්ත්‍ර කිහිපයක්ම නිර්මාණය කෙරුණද, ඒ එකදු රොබෝ යන්ත්‍රයකටවත් නිරුපද්‍රිතව පැමිණීමට නොහැකි වූයේ මෙය එතරම්ම පහසු මෙහෙයුමක් නොවන බැවිනි.
චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ ඛේදවාචකයට පසුව, මිනිස් ජීවිත 18,000ක් බිලි ගනිමින් 2011 බලපෑ සුනාමියත් සමග සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුරින් පසුව, එහි විනශයට පත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක රැසක් අතිශය අවදානම් සහගත විකිරණශීලීත්වයකින් යුතුව පවතින බවත්, මෙම රොබෝ මෙහෙයුම් එකී පිරිසුදු කිරීම් කාර්යේ අතිශය බැරූරැම් අවධිය බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.