ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ අ'ර්මා සුළි කුණාටුව හේතුවෙන් දින කිහිපයක් විදුලි බලය ඇණහිට තිබූ වැඩිහිටි නිවාසයක සිටි පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය අ'ර්මා සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාව තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන අතර, සුළි කුණාටුව සමග හානියට පත් වැඩිහිටි නිවාසයේ අතිශය දුර්වල වායු සැපයුම මෙම මරණවලට හේතුව බව කියැවෙයි.
බ්‍රොවාඩ් පළාත් ආණ්ඩුකාර බාබරා ෂෙරීෆ් පවසා සිටියේ මෙම වැඩිහිටි නිවාසය තුළදීම තිදෙනෙකුගේ මළ සිරුරු හමුවූ අතර, සෙසු පිරිස රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි.
අ'ර්මා සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මිලියන 10කට ආසන්න පිරිසක් ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ කැරොලිනා යන ප්‍රාන්තවල විදුලිබලය නොමැතිව සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.