අ'ර්මා සුළි කුණාටුවට ගොදුරු වූ ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කීස් ප්‍රදේශයේ පහත් බිම් ආශ්‍රිතව පැවති නිවාසවලින් හතරෙන් එකක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.
මෙම කලාපය වෙත පැමිණෙන විට සුළ කුණාටුව පැයට කිලෝමීටර් 192ක පමණ වේගවත් සුළං දහරාවක් රැගෙන පැමිණි අතර, බොහෝ නිවාස පොළොවෙන් උදුරා දැමීමට තරම් එය චණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණි.
මේ අතර, මුදාගැනීමේ හා සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් කුණාටුවෙන් දැඩි පීඩාවට පත් ප්‍රදේශ වෙත සංචාරය කරමින් ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
එමෙන්ම, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (14දා) ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් සුළි කුණාටුවෙන් සිදුවූ හානිය දැකබලා ගනිමින්, විපතට පත්වූවන් මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
සුළි කුණාටු හේතුවෙන් ඇමෙරිකාව මුහුණදුන් අවාසනාවන්ත තත්ත්වයන් දැකබලා ගැනීමට ට්‍රම්ප් සති දෙකක් ඇතුළත ගමන් කරන දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, මෙවර සංචාරයට ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ද එක්වීමට නියමිතය.