ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ඉතා දුර්ලභ, රළු හා විවේචනාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, ළමයින් අපහරණය කළ බවට හංවඩු ගැසුණු සහ ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන සියලු පූජකයන් වහාම ආගමික සභාවෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව වතිකානුවට දන්වා ඇතැයි බී.බී.සී.ය වාර්තා කරයි.
ඇතැම් පූජකයන්ට ළමයින් අපහරණය කිරීමට මග සැලසෙන පිළිවෙතක් වතිකානුව අනුගමනය කරන බවත්, එවැනි පිළිවෙත් නිසා දස දහස් ගණනින් ළමුන් පූජකයන්ගේ ලිංගික අපහරණයට සහ පීඩාවන්ට භාජනය කෙරෙන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙයි.
මේ නිසා, එවැනි පූජකයන් පදවිවලින් නෙරපා හරිමින් සිවිල් පාලන බලධාරීන්ට ඔවුන් ගැන දැනුම් දිය යුතු බවත්, පූජකයන්ගේ ගොදුරු බවට පත්වූවන්ට වන්දි ගෙවිය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන වතිකානුව කියා සිටින්නේ, විමර්ශනයක් ඔස්සේ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි.