ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට විරුද්ධව එල්ල වී ඇති මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් ඔහු යළිත් අධිකරණය ඉදිරියට කැඳවීමට එරට අභියාචනාධිකරණය පියවර ගෙන තිබේ.
2011 වසරේදී උද්ඝෝෂකයන් පිරිසක් ඝාතනය කිරීමේ චෝදනා මත ඔහු අධිකරණය ඉදිරියට පැමිණ වූ අතර, 2014 නොවැම්බර් මාසයේදී ඔහු ඉන් නිදහස ලැබුවත්, කැරැල්ල හමුවේ මිනිසුන් 800ක් ඝාතනය කළේ යැයි පවසමින් ඔහු යළි අත්අඩංගුවට ගැනීය.
එමෙන්ම, ඔහුගේ පාලන සමයේ සිදුවූවා යැයි කියන දූෂණ සම්බන්ධයෙන්ද මෙම වසරේ මුල් භාගයේදී වසර තුනක සිර දඬුවමකට යටත් කෙරිණි. 87 වැනි වියෙහි පසුවන මුබාරක් කයිරෝ නුවර මාඩි හමුදා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.