යේමනයේ හොයුති සටන්කාමීන්ගේ ග්රහණයේ පැවති එරට ප්රධානතම ගුවන්තොටු පොළ යළි අත්පත් කරගැනීමට යේමන රජයට පක්ෂපාතී හමුදා සමත්ව තිබේ.
අල්-අනාද් ගුවන්තොටු පොළ යළි අත්පත් කරගැනීමේ සටන්වලදී දරුණු සටන් ඇති වී තිබෙන අතර, දෙපාර්ශ්වයේම ජීවිත හානි හා තුවාල සිදුවීම් රැසක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජූලි මාසයේදී ගුවන්තොටුපොළ පිහිටි ආඩෙන් නගරය යළි අත්පත්කර ගැනීම සඳහා සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාර යේමන රජයට පක්ෂපාතී හමුදාවන්ට සහාය වීමත් සමග මෙසේ ගුවන් තොටුපොළේ බලය අල්ලා ගැනීමට පහසුවක් වී තිබේ.