සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර නොතකා යේමනයේ හොයුති කැරලිකරුවන් ආඩේන් නගරයේ වැඩි බලයක් අත්පත් කරගනිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
නගරයේ දකුණුදිග දරුණු සටන් ඇවිලෙන බවත්, පාලනය සියතට ගැනීම සඳහා හොයුති කැරලිකරුවන් හා යේමන් ජනාධිපති මන්සූර් හාඩි වෙත පක්ෂපාතී හමුදා මෙම සටනේ නිරත බවත් වාර්තා වෙයි.
යේමනයේ ඇතිවී තිබෙන යුධමය තත්ත්වය තුළ එරට සිටින විදේශිකයන් මුදා ගැනීම සඳහා චීනය පියවර ගනු ලැබීය.
මේ අතර, යේමනයේ වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම සඳහා රතුකුරුස සංවිධානය ඒකාබද්ධ හමුදාවන්ගෙන් අවසර ලබාගෙන තිබේ.
ඒ අනුව, මානුෂීය ආධාර රැගත් යානා දෙකකට අවසර ලැබී තිබේ. ඉන් එකක් සෞඛ්‍ය ආධාර රැගත් භාණ්ඩ ප්‍රවාහන යානයක් වන අතර, අනෙක් යානය සහන සේවකයන් රැගත් කුඩා මගී ප්‍රවාහන යානයකි.