ඇමෙරිකාවේ කැලිෆෝනියාව තුළ හෙපටයිටිස් ඒ රෝගයෙන් මියගිය ප්‍රමාණය වැඩි වෙමින් මේ වනවිට 19 වැනි මරණයද වාර්තා වී ඇති බවත්, ප්‍රාන්තය තුළ සෞඛ්‍ය අවදානමක් ප්‍රකාශය පත්කර ඇති බවත් ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම වෛරස් රෝගය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට කැලිෆෝනියාවෙන් වාර්තා වූ අතර, රෝගීන් 500ක් පමණ දැනට හඳුනාගෙන තිබේ.
විශේෂයෙන්ම ප්‍රාන්තය තුළ ජීවත් වන නිවාස නොමැති ජනතාව අතර රෝගය පැතිරීමේ අවදානම වැඩි බවද හඳුනාගෙන තිබුණි.
හෙපටයිටිස් ඒ රෝගය සෘජුවම රෝගියාගේ අක්මාවට හානි කරන අතර, මෙය ලිංගික සංසර්ගයෙන් මෙන්ම, වෛරසය සමග මුසුවූ ආහාර අනුභවයද රෝගයට හේතුවක් බව කියැවෙයි.
වසර 20කට පසුව ඇමෙරිකාව තුළ මේ ආකාරයෙන් හෙපටයිටිස් ව්‍යාප්තියක් වාර්තා වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.