තම හිස් මුදුනින් එකට බද්ධව සිටි නිවුන් බිළිඳුන් දෙදෙනෙකු වෙන් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකිරීමට ඉන්දියාවේ දිල්ලි නුවර ශල්‍ය වෛද්‍යවරු සමත්ව තිබේ.
දෙහැවිරිදි ජාගා සහ කාලියා මේ ආකාරයෙන් යළි උපත ලැබීමට සමත්ව ඇත්තේ පැය 16කට අධික කාලයක් සිදුකළ අතිශය සංකීර්ණ ශල්‍යකර්මයක ප්‍රතිඵලයක් ලෙසිනි.
වෛද්‍යවරු පවසන්නේ බිළිඳුන් දෙදෙනාම මේ වනවිට හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.
මෙම අතිශය සංකීර්ණ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරු 30 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඉන්දියාවේ රජයේ රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.
මෙම බිළිඳුන් දෙදෙනා උපදින විට ඔවුන් රුධිර වාහිනී සහ මොළයේ පටකවලින් එකට සම්බන්ධව සිටි බවත්, මෙය දරු උපත් මිලියන තුනකට පමණ සිදුවන අතිශය දුර්ලභ තත්ත්වයක් බවත් වෛද්‍යවරු පවසති.