ලෙබනන් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සිරියානු ඉහළ අණදෙන නිලධාරී මුස්තෆා බද්රිදීන් ඊශ්රායල් ගුවන් ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොහු හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නස්රාල්ලාගෙන් පසු සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ අයෙකු බව එම සංවධානය පවසයි.
එමෙන්ම, බද්රිදීන් වසර ගණනාවක සිට හිස්බුල්ලා සංවිධානය විසින් සිදුකළ මෙහෙයුම්වලට නායකත්වය ලබාදී තිබේ.
2005 දී ලෙබනනයේ සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීමකින් හිටපු අගමැති රෆීක් හරිරි ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ නම ඉදිරියෙන්ම කියැවෙයි. එමෙන්ම,
හිස්බුල්ලා සංවිධානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය පළ කරන අතර දහස් ගණනක් සන්නද්ධ සාමාජිකයෝ සිරියාවේ සටන් වදිති.