ඇමෙරිකානු ජනාධිපතිවරණය උණුසුම් වෙත්ම ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ඊමේල් අවභාවිතයක් පිළිබඳ නවතම පරීක්ෂණයක් FBI ආයතනය යළි අනාවරණය කරයි.
ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ අවධියේදී තම පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කරමින් අතිශය රහසිගත ඊමේල් පණිවුඩ හුවමාරු කිරීම සම්බන්ධයෙන් මෙම නවතම පරීක්ෂණයද දිගහැරෙන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, එය ඇමෙරිකානු මැතිවරණයට දින කිහිපයක් තිබියදී කරළියට පැමිණීම ඩිමොක්රටික් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයටද දැඩි පහරක් වනු ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකානු වත්මන් ජනපති බරැක් ඔබාමාගේ අශිර්වාදය හා එරට ප්‍රධාන දහරාවේ මාධ්‍යවල නොමසුරු සහාය ලබමින් ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා හිලරි දැඩි පරිශ්රමයක යෙදෙන අතර, නවක අපේක්ෂකයෙකු ලෙස මෙවර සටනේ රිපබ්ලිකන් අපෙක්ෂකත්වය දරණ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිලරි වෙත ප්‍රබල සටනක් ලබාදී ඇති බවද විදෙස් වර්තා පවසයි.
එමෙන්ම, මේ ආකාරයෙන් හිලරි සම්බන්ධ චෝදනා එරට බුද්ධි අංශ විසින්ම අනාවරණය කිරීම තුළ ට්‍රම්ප් වෙත වැඩි වාසි අත්වන බවද පෙන්වාදෙන ස්වාධීන මාධ්‍ය, මෙම පුවත එරට කොටස් වෙළෙඳ පොළේ පවා යම් පහළ යෑමක් පෙන්නුම් කළ බව වාර්තා කර තිබුණි.