ඇමෙරිකානු ඩිමොක්රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන ජෝන් පොඩෙස්ටා හා සම්බන්ධ ඊමේල් පණිවුඩ 2000ක් පමණ විකිලීක්ස් විසින් අනාවරණය කර තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක්ලින්ටන්ගේ පෞද්ගලික සර්වරයෙන් කලින් ඉවත්කර තිබූ ඊමේල් පණිවුඩ 350ක් පමණ හෙළි කළ දිනයේදීම විකිලීක්ස් විසින් මෙම අනාවරණය කරන ලදී.
විකිලීක්ස් විසින් අනාවරණය කළ ඊමේල් පණිවුඩ 2008 වසරේ සිට 2016 දක්වා කාලයට අදාළ ඒවා වන අතර, අතිශය විවාදයට තුඩුදෙන ඊමේල් පිණිවුඩ රැසක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
විකිලීක්ස් පෙන්වාදෙන පරිදි පෙඩොස්ටා කිල්න්ටන් පවුල සමග බොහෝ කාලයක් ඇසුරු කළ පුද්ගලයෙකි. ඔහු 1998 සිට 2001 දක්වා හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගෙ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
මේ අතර, විකිලීක්ස් විසින් තවදුරටත් අනතුරු අඟවා තිබුණේ ඔවුන් ඉදිරියේදී තවත් ඊමේල් පණිවුඩ රැසක් හෙළි කිරීමට කටයුතු කරන බවටය.
ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේදී ප්‍රධාන දහරාවේ මාධ්‍යවල මෙන්ම, වත්මන් ජනපති ඔබාමාගේද උදව් ලැබුවත්, හිලරි පසුගිය කාලය පුරාවට දැඩි දෝෂදර්ශනයකට ලක්වූයේ ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කාලයේදී සිදුකළ අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි.