හිමාලයේ හිම කුණාටු ඛේදවාචකයේ මුදා ගැනීමේ මෙහෙයුම් අයහපත් කාලගුණය හමුවේ අත්හැර දැමීමට සිදුවූ බව නේපාල බලධාරීහු පවසති.
එමෙන්ම, ඛේදවාචකය සිදුවී දින කිහිපයක් ගතවී ඇති හෙයින් තවදුරටත් ජීවත්ව සිටින්නවුන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද ඔවුහු පවසති.
මේ තත්ත්වය තුළ හිම යට වැළලී ගිය සිරුරු සෙවීම සඳහා මේ වනවිට අවධානය යොමු වී තිබේ.
දැනට ලැබී ඇති තොරතුරු අනුව හිම කුණාටුවට හසුව මේ වනවිට ජීවිත හානි 39ක් සිදුව තිබේ.
හිමාලය ආශ්රිත කඳු නගින්නන් අතර වඩාත් ප්රචලිත ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙන 'අන්නපුරම්' කලාපයේ සෝදිසි මෙහෙයුම් සඳහා මීට පෙර හෙලිකොප්ටර් යානා සමග එරට ආරක්ෂක අංශ යොදවා තිබුණු නමුත්, මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානා ගමන් කිරීම අපහසු වී තිබේ.
මේ අතර ජීවිතක්ෂයට පත් වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු සොයා එකී මෘත ශරීර නේපාලයේ කත්මණ්ඩු අගනුවරට ගෙන ඒමට බලාපොරොත්තු වන බව එරට ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත්, එරට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් කඳු නගින්නන් සහ මග පෙන්වන්නන් ඇතුළු 400කට ආසන්න පිරිසක් මීට පෙර මුදවා ගනු ලැබූහ.