ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩාවක යෙදී සිටියදී ඇද වැටීම නිසා උකුල ආශ්රිත අස්ථි බිඳීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුර හේතුවෙන් ඇයට සති තුන, හතරක කාලයක් ඇඳ විවේකයේ කාලය ගත කිරීමට සිදුවනු ඇති බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවත්, ඇගේ සුපුරුදු රාජකාරි කටයුතු රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවත්, චාන්සලර්වරියගේ ප්‍රකාශක ස්ටෙෆන් සෙයිබර්ට් පවසයි.
ස්විට්සර්ලන්තයේ ඇල්ෆයින්ඩ් කඳු ආශ්‍රිතව ඇය හිම ක්‍රීඩාවේ නිරතව ඇති අතර, මෙම අනතුර හේතුවෙන් අස්ථි බිඳීමට අමතරව ඇගේ සිරුරේ සීරීම් තුවාල රැසක් දක්නට ලැබෙන බවද, වාර්තා වෙයි.