ලෝකයේ වැඩිම බරකින් යුතු කාන්තාව ලෙස වරෙක විරුධාවලිය ලැබූ එමාන් අහ්මඩ් අබ්ඩ් එල් අටී සිය දිවියෙන් සමුගෙන තිබේ.
සිය ශරීර ස්කන්ධය අඩුකර ගැනීම සඳහා වූ ශල්‍යකර්මයකට මුහුණදීම සඳහා ඇය මෙම වසර මුලදී ඉන්දියාවට පැමිණි අතර, එය ඇගේ ජීවිතයේ වසර ගණනාකින් පසුව ප්‍රථම වරට සිය නිවසින් පිටතට පැමිණි සුවිශේෂී අවස්ථාවක් විය.
කෙසේ වෙතත්, ඉන්දියාවේදී ඇයට නිසි ප්‍රතිකාර නොලැබෙන බව පවසමින් ඇගේ ඥාතීන් ඇයව එක්සත් අරබි එමීර් රාජ්‍යයේ රෝහලක් වෙත රැගෙන පැමිණි අතර, එහිදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමාන් ප්‍රථම වරට සිය නිවසින් පැමිණෙන විට ඇගේ බර කිලෝග්‍රෑම් 500ක් පමණ වුවත්, ඇය මුහුණදුන් ශල්‍යකර්මවලින් පසුව ඇගේ ශරීර බරින් කිලෝ ග්‍රෑම් 300ක් පමණ අඩුකර ගැනීමට ඇයට හැකිවී තිබුණි.
කෙසේ වෙතත්, 37 වැනි වියේ පසුවූ එමාන් ශරීරයේ ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් සිය අවසන් හුස්ම හෙළු බව රෝහල් බලධාරීහු පවසති.