දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් සොරාගෙන ඇති බව ඉතාලි පොලීසිය පවසයි.
ඉතාලියේ මධ්‍යම අබ්රෑසෝ නමැති හුදකලා කඳුකර ප්‍රදේශයේ වූ සැන් පිඑට්රෝ දේවස්ථානයේ තැන්පත් කර තිබියදී මෙසේ භෂ්මාවශේෂ සොරාගෙන තිබේ.
සති අන්තයේදී දේවස්ථානයේ ආරක්ෂිත වානේ රාමු කඩා දමමින්, ජනේලයක් තුළින් ඇතුළු වූ පිරිසක් මෙම සොරකම සිදුකර ඇති බව පැවසෙයි.
භෂ්මාවශේෂ තැන්පත්කර තිබූ භාජනය දමා ගියද කුරුස සුරුවම හා මිල කළ නොහැකි භෂ්මාවශේෂ ඔවුන් විසින් රැගෙන ගොස් ඇති බව පොලීසිය බවයි. එම භෂ්මාවශේෂ අතර රෙදි කඩක පෙඟවූ පාවුලු පාප්වහන්සේගේ රුධිරයද පැවති බව කියැවෙයි.