කැටලෝනියාවේ ජනපති ධුරය දැරීමට එහි හිටපු නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් වෙත පැවති අවස්ථාව ස්පාඤ්ඤ අධිකරණයක් විසින් අවුරා තිබේ.
හිටපු කැටලෝනියානු නායකයා එම පළාතේ නිදහස වෙනුවෙන් සිදුකල අරගලයෙන් පසුව මේ වනවිට බ්‍රසීලයට පළාගොස් සිටියි.
කැටලෝනියානු ජනාධිපති ධුරය සඳහා එකම අපේක්ෂකයා වූ කාර්ල්ස් වෙත කැරලි ගැසීම හා රාජද්‍රෝහීවීම යටතේ චෝදනා එල්ල වීම මෙම අධිකරණ තීන්දුවට හේතුවයි.
මේ තත්ත්වය හේතුවෙන් ඔහුට තවදුරටත් පළාතේ පාර්ල්මේන්තු නායකයා බවට පත්වීමට අවස්ථාව නොමැති බව අධිකරණ තීන්දුවක් ලබාදී තිබේ.
නමුත්, ඔහු පවසන්නේ තමන් වෙත ජනතා පරමාධිපත්‍ය බලය ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් හිමිවීම තුළ තමන්ට එම ධුරය දැරීමට හැකි බවයි.