හිටපු ඊශ්‍රායල ජනපති සයිමන් පෙරේස් දරුණු හෘදයා බාධයක් හා ආඝාත තත්ත්වයක් හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසයි.
ඊශ්‍රායලයේ ටෙල් අවාවි ආසන්න රෝහලක හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය අයහපත් වුවත්, ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් වෛද්‍යවරු පවසති.
93 වැනි වියෙහි පසුවන හිටපු ජනාධිපතිවරයා කෝමා තත්ත්වයකින්ද පසුවූ අතර, ඔහු ආශ්වාසකයක් ආධාරයෙන් හුස්ම ගැනීම පවා සිදුකළේය.
පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා මෙම රෝහලේදීම ශල්‍යකර්මයකට බඳුන්වූයේ තරමක හෘදයා බාධයකට ලක්වීම හේතුවෙනි.