ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතිනත ගන්නා රාජකීය විවාහ මංගල උත්සවය වින්ඩ්සර් මාලිගයේ, සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී සිදුවිය.
ධවල වර්ණයෙන් යුතු මංගල ඇඳුමකින් සැරසී, දියමන්ති ඔටුන්නක් පැළඳ මල් කුමරියන් හා මල් කුමාරවරුන් පිරිවරා මේගන් කුමරිය පැමිණියාය.
මෙම මංගල උත්සවය දෙවැනි එළිසබෙත් රැජින ප්රමුඛ රාජකීයයන් මෙන්ම, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත් වෙයි.
මේගන් කුමරිය අල්තාරය වෙත රැගෙන යාම අගේ පියා වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් විසින් සිදුකරන ලදී.
දේව මෙහෙය අවසන් වීමෙන් පසුව විශේෂ අශ්ව කරත්තයක නැගී රාජකීය යුවළ දේවස්තානයේ සිට වින්ඩ්සර් නගරය හරහා තමන්ට සුබ පැතීමට පැමිණි සාමාන්‍ය ජනතාවට ආචාරය පුද කරමින් ගමන් කරනු ලැබීය.
අනතුරුව සවස් කාලයේ වින්ඩ්සර් මාලිගයේම සෙන්ට් ජෝර්ජ් උත්සව ශාලාවේදී විශේෂ මංගල භෝජන සංග්‍රහයක් විශේෂ ආරාධිතයන් වෙනුවෙන් මනාල යුවළද පෙරටුව දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රාත්‍රිය උදාවෙත්ම චාල්ස් කුමරුන් විසින් හැරීගේ සහ මේගන්ගේ මිතුරු මිතුරුයන් ඇතුළුව රාජකීයයන්ගේ සමීපතම මිතුරු මිතුරියන් පිරිසක් වෙත ෆ්රොග්මෝ හවුස් හිදී තවත් විශේෂ සංග්‍රහයක් පැවැත්වීමට සූදානම්ව සිටින බව කියයි.
popular news
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd