හැරි පොටර් චිත්‍රපටය හා ග්රන්ථ එකතුවෙහි බලපෑමෙන් ඉන්දුනීසියාව තුළ නීතිවිරෝධී බස්සන් වෙළෙඳාම පසුගිය දශක දෙකක කාලයේදී වේගයෙන් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.
ඉන්දුනීසියාවේ බාලි සහ ජාවා දූපත් ආශ්‍රිතව වනාන්තරවලින් අල්ලා ගන්නා ලද කුරුල්ලන් වෙළෙඳාම් කරන කුරුළු වෙළෙඳ පොළ 20ක සිදුකළ සමීක්ෂණයක තොරතුරු ඇසුරෙන් මෙම දත්ත ඉදිරිපත් කර තිබේ.
2001 වසරේදී බස්සන් සිය ගණනක් අලෙවි වූ මෙම වෙළෙඳ පොළවල් තුළ 2016 වසර වනවිට බස්සන් 13,000ක් පමණ අලෙවි වී ඇති බව කියැවෙයි.
හැරි පොටර් හි කතා මාලාවේ එන සුරතල් බස්සා කුඩා දරුවන් තුළ සුරතලයට බස්සන් ඇති කිරීමේ මූලික පෙළෙඹවීම සිදුකර ඇති බව විශ්වාස කළ හැකි යැයි ඔක්ස්ෆර්ඩ් බෘක්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ද පෙන්වා දෙයි.
නමුත්, මේ ආකාරයෙන් බස්සන් අලෙවිය ඉහළ යාම සහ හැරි පොටර් අතර සෘජු සම්බන්ධයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි බවටද මත පවතී.