හාවි සුළි කුණාටුවෙන් හා ගංවතුර තත්ත්වයෙන් පසුව ටෙක්සාස් ප්‍රාන්තය යළි යථාතත්ත්වයට ගැනීම සඳහා ඇ.ඩො.බිලියන 180ක් පමණ වැය විය හැකි බව ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසයි.
2005 වසරේදී නිව් ඔර්ලන්ස් ප්‍රාන්තය වෙත බලපෑ කැත්රිනා සුළි කුණාටුවට වඩා වැඩි බලපෑමක් හාවි විසින් ටෙක්සාස් වෙත සිදුකර ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි.
මේ අතර, දරුණු ගංවතුර තත්ත්වයන්ට මුහුණදෙන ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුවෙන් පමණක් යැපීමට කටයුතු නොකළ යුතු බවද රජයේ ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
මෙය ප්‍රාන්ත බලධාරීන් වෙත පෙර දැනුම්දීමක් සිදුකර ඇති තත්ත්වයක් බවද එම ඒජන්සිය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට ටෙක්සාස් ප්‍රාන්තය පුරා ප්‍රතිසංස්කරණ කටයුතු යළි අරඹා ඇති අතර, ආසන්නා ලුසියානා ප්‍රාන්තයේ තවමත් ගංවතුර පහව ගොස් නොමැති බව කියයි.
මීට සතියකට පමණ පෙර ගොඩබිම වෙත කඩා වැදුණු හාවි සුළි කුණාටුව හා පසුව ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 47ක් අහිමි වී ඇති අතර, 43,000ක් දෙනා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල ජීවත් වෙති.