හාවි නිසා හූස්ටන් ගොඩ ගන්න වසර කිහිපයක් යාවි
හාවි සුළි කුණාටුවෙන් විනාශ වූ හූස්ටන් නගරය යළි ගොඩනැගීම වසර කිහිපයක ව්‍යාපෘතියක් වනු ඇති බව නගරාධිපති ග්‍රෙග් ඇබොට් පවසයි.
නගරය සුද්ධ පවිත්‍ර කිරීමම ඉතා දැවැන්ත කාර්ය භාරයක් වේවි යනුවෙන් ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සුළි කුණාටුවට මුහුණ දුන් ටෙක්සාස් ප්‍රාන්තය යළි ප්‍රතිසාධනය කිරීමේ මූලික පියවර වෙනුවෙන් ඇ.ඩො.බිලියන 5.9ක ප්‍රතිපාදන වෙන්කර ඇතත්, බලධාරීන් පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් ඇ.ඩො.බිලියන 125කට වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවයි.
ටෙක්සාස් ප්‍රාන්තය මූලික කරගනිමින් ඇති වූ සුළ කුණාටුව හා පසුව ඇති වූ ගංවතුර තත්ත්වය නිසා මේ වනවිට පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හාවි සුළි කුණාටුව ඇමෙරිකානු ඉතිහාසයේ තවත් දරුණු බලපෑමක් සිදුකළ ස්වභාවික විපතක් ලෙස වාර්තා අතරට යන අතර, කුණාටුව සමග ඇති වූ දැඩි වර්ෂාපතදනයද පෙර නොවූවිරූ වාර්තාගත තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

