ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතු තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් හූස්ටන් නගරය ආසන්න රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ අවදානමක් ඇති ව තිබේ.
හාවි සුළි කුණාටුව සමග ඇති වූ දැඩි වර්ෂාපතනය සමග බලපෑ දැඩි ගංවතුර තත්ත්වය ක්‍රොස්බි රසායනික කර්මාන්ත ශාලාවේ ශීතකරණ පද්ධතිය ඇණ හිටීමට හේතු වී තිබේ.
මෙම ශීතකරණ පද්ධතිය රසායනාගාරය තුළ වූ රසායනික ද්‍රව්‍යය සිසිල්ව තබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වුවත්, මෙම පද්ධතිය ඇණහිටීම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි පිපිරීමක් හෝ ගිනි ගැනීමක් වැළැක්විය නොහැකි මට්ටමේ පවතින බවද බලධාරීහු පවසති.
හාවි සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී, ඇමෙරිකානු බලශක්ති සැපයුමද ඇණ හිටීමට මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතු වී ඇති අතර, ඛනිජ තෙල් සමාගම් රැසක් සිය නළ පද්ධති වසා දැමීමට කටයුතු කර තිබේ.