ඇමෙරිකාවට බලපෑ හාවි සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසුව ටෙක්සාස් ප්‍රාන්තය වෙත සිය දෙවැනි සංචාරය සිදුකළ ජනපති ට්‍රම්ප්, කඩිනම් සහන ලබාදීමට අමතරව, විපතට පත්වූවන් යළි නගාසිටුවීම වහාම සිදුකරන බව පවසා තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ආපදාවට ගොදුරුව සිටින පිරිස් මෙන්ම ඔවුන්ට සහාය දැක්වීමට පැමිණ ඇති ස්වේච්ඡා සේවකයන් මුණ ගැසුණු ට්‍රම්ප් පවසා සිටියේ මේ වනවිට සියල්ල හොඳින් සිදුවන බවයි.
මීට සතියකට පෙර ඇමෙරිකාවට බලපෑ හාවි සුළි කුණාටුව සමග ඇති වූ වාර්තාගත ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 47ක් අහිමිව 43,000කට උන්හිටි තැන් අහිමි කර තිබේ.
ඒ අනුව, මේ වනවිට ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබෙන නිසා ඇතැම් නිවැසියන්ට යළිත් සිය නිවාස වෙත යෑමට අවසර ලබාදී ඇති ඇත.
ටෙක්සාස් වෙත සිදුකළ ප්‍රථම සංචාරයේදී ට්‍රම්ප් දයානුකම්පී හැසිරීමක් නොපෙන්නූ බවට විදෙස් මාධ්‍ය චෝදනා නැගීම මෙම දෙවැනි සංචාරය හේතු වන්නට ඇති බවත් කියැවෙයි.
එහිදී, ට්‍රම්ප් සමග ජනපති ආර්යා මෙලිනා ට්‍රම්ප්ද මෙම සංචාරයට එක්ව සිටි අතර, අවතැන් කඳවුරුවල සිටි දරුවන් නළවමින්, වඩා ගනිමින් පෙරට වඩා කුළුපග හැසිරීමක් මෙවර ට්‍රම්ප් පෙන්නුම් කළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.