ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුව සමග ඇති වූ දැඩි ගංවතුර ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බව විදෙස් වාර්තා පවසයි.
හූස්ටන් නගරය වෙත සෙන්ටිමීටර් 75ක වාර්තාගත වර්ෂාපතනයක් මේ වනවිටත් ඇද වැටී ඇති අතර, මහාමාර්ග රැසක් ගංගා බවට පරිවර්තනය වී ඇතැයි ඇමෙරිකානු කාලගුණ අංශ පවසයි.
කෙසේ වෙතත්, සති අන්තය වනවිට සමස්ත වර්ෂාපතනය දෙගුණයක් විය හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් අනතුරු අඟවයි.
මේ අතර, ගංවතුරින් පීඩාවට පත් අය සඳහා කඩිනම් සහන සැලසීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගෙන තිබේ.
ඔහු අද ටෙක්සාස් ප්රාන්තය වෙත නිරීක්ෂණ චාරිකාවකද නිරත වීමට නියමිතය.
මේ අතර, අමතර අරමුදල් ලබාගැනීම සඳහා තමන් කොංග්රසය සමග සාකච්ඡා කරමින් සිටින බවත්, මෙය බලාපොරොත්තු වූවාට වඩා විශාල ධනස්කන්ධයක් වැයවන අවස්ථාවක් බවත් ට්රම්ප් වැඩිදුරටත් පවසයි.
ටෙක්සාස් බලධාරීන් පවසන පරිදි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත හානි 09ක් මේ දක්වා සිදුව ඇත.