දශකයක පමණ කාලය තුළ කැරීබියන් දූපත් ආශ්රිත අත්ලාන්තික් සාගරය හරහා යන වඩාත් දරුණුතම චණ්ඩ මාරුතය හෙවත්, මැතිව් සුළි කුණාටුව හයිටිය වෙත ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පැයට කිලෝමීටර් 230ක පමණ වේගයෙන් යුතු සුළං සහ ගිගුරුම් සහිත වැසි මෙන්ම, හදිසි ගංවතුර සහ නායයෑම්ද ඇති කළ හැකි සිව්වන ප්‍රමාණයේ චණ්ඩ මාරුතය හේතුවෙන් දැනටමත් ජීවිත 3ක් බිලිගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙම ප්‍රබල චණ්ඩ මාරුතයෙන් හයිටි ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ හා බලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබූ බවද, ආරක්ෂිත ස්ථාන කරා ජනතාව රැගෙන ගිය බවද වාර්තා වෙයි.
නැගෙනහිර කියුබාව දෙසට හැරෙමින් ගමන් කරන චණ්ඩ මාරුතය හේතුවෙන් හයිටි රාජ්‍යයේ දකුණුදිග වෙරළබට ප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
හයිටි රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති ජොසෙලෙර්මේ ප්රිවර්ට් පවසා සිටියේ චණ්ඩ මාරුතය හේතුවෙන් සිය රටට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බවයි. එමෙන්ම, මුහුදුගිය ධීවරයන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.