දශක කිහිපයක් විරසකව සිටි පලස්තීනයේ හමාස් සංවිධානය හා ෆටාහ් සංවිධානය එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය පවසා සිටියේ මෙම එකඟතාව පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී ලබාදෙන බවයි. කෙසේ වෙතත්, ෆටාහ් සංවිධානය මේ පිළිබඳ මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.
මෙම සාකච්ඡාව සඳහා ඊජිප්තුව සිය මැදිහත්වීම ලබාදී ඇත.
ගාසා සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් පාලනය කිරීම 2007 වසරේදී හමාස් සහ ෆටාහ් යන දෙපාර්ශ්වය අතර ඇති වූ දරුණු ගැටුම්වල සිට මේ දක්වා මෙම සංවිධාන දෙක විසින්ම සිදුකරනු ලැබේ.