එබෝලා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ සෞදි ජාතිකයෙකු, එරට ජෙඩා රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙය තහවුරු වුවහොත්, අප්‍රිකාවෙන් පිටත එබෝලා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන ප්‍රථම පුද්ගලයා බවට ඔහු පත්වනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් බටහිර අප්‍රිකාව වෙලාගෙන ඇති එබෝලා වෛරසය හේතුවෙන් බිලිගෙන ඇති ජීවිත ප්‍රමාණය 900කට ආසන්නය.
කෙසේ වෙතත් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා එබෝලා දරුණුවට පැතිරුණු රටක් ලෙස සැලකෙන සියෙරා ලියෝන් රාජ්‍යයේ සංචාරය කර තිබුණි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් එබෝලා පිටුදැකීම වෙනුවෙන් ස්විටිසර්ලන්තයේ, ජිනීවා නුවරදී සාකච්ඡා පවත්වමින් සිටියි.