සෞදි අරාබියේ අල් සලාම් රජ මාලිගයට කඩා වැදීමට ගිය අයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු තුවාල ලැබීය.
සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ 28 හැවිරිදි සැකකරු සිය මෝටර් රථයෙන් මාලිගයේ දොරටුව බිඳගෙන ඊට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, පසුව ඔහු සිදුකළ වෙඩි තැබීමෙන් ආරක්ෂක අංශ නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මනුසූර් අල්-අම්රි නමැති මෙම සැකකරු පසුව ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, මෙම ප්‍රදේශය තුළ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පසුගිය සෙනසුරාදා ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් එහි වෙසෙන ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්ද කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය කිනම් පදනමින් එල්ල වූ ප්‍රහාරයක්ද, මෙය කිනම් සංවිධානයක ප්‍රහාරයක්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වී නොතිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව සෞදි ආරක්ෂක අංශ පවසා සිටියේය.