අමෙරිකානු බලධාරීන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ වනවිට ඇමෙරිකානු භටයන් 120ක් පමණ සෝමාලියානු භූමියේ සිටින බවයි.
අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් වදින අප්රිකානු සංගමයේ සහ සෝමාලි රජයේ හමුදාවන් සමග මෙම ඇමෙරිකානු සෙබලුන්ද යුද උපදෙස් ලබාදෙමින් කටයුතු කරන බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් සෝමාලියාව වෙත මේ වනවිට ගොඩබැස සිටින ඇමෙරිකානු සෙබලුන් ප්රමාණයට මීට වඩා වැඩිවිය හැකි බවටද විශ්වාසයක් පවතී.
කෙසේ වෙතත් ඇමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සෝමාලි හමුදා සමග තවදුරටත් කටයුතු කටයුතු කිරීමට ඇමෙරිකානු සෙබළු ක්රියාකරනු ඇති බවයි.
මේ වනවිට ඉස්ලාමීය අන්තවාදීන් කොටස් ලොව පුරා අතිශය දරුණු ලෙස හිස ඔසවමින් පවතින වකවානුවක ඇමෙරිකානු ආරක්ෂක අංශ මේ ආකාරයෙන් සිය සූක්ෂම මෙහෙයුම් දියත් කරමින් ඔවුන් මැඩපැවැත්වීමට කටයුතු කරන බව විදෙස් පුවත් සේවා පවසයි.