උතුරු කොරියාව හාස්‍යයට ලක්කරමින් තිරගත වන ද ඉන්ටර්වීව් චිත්‍රපටය ඇමෙරිකාවේ සිනමාහල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට සෝනි සමාගම යළි තීරණය කිරීම ජනාධිපති බරැක් ඔබාමාගේ පැසසුමට ලක්ව තිබේ.
මීට පෙර උතුරු කොරියාවෙන් එල්ල වන්නේ යැයි කියන සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් තම චිත්‍රපටය හකුලා ගත් අතර, එම තීරණයට ජනාධිපතිවරයා ප්රමුඛ ඇමෙරිකාවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
එමෙන්ම, මෙම සයිබර් ප්‍රහාරය පිටුපස උතුරු කොරියාව සිටින බවට ඇමෙරිකාව ඔවුන්ට චෝදනා කළේය.
ඒ අනුව, ඇමෙරිකාවේ සිනමාහල් 200ක පමණ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිත අතර, මේ සමගම ඒ වෙත යළි සයිබර් ප්‍රහාර පිළිබඳ තර්ජන එල්ල වන බවද කියැවෙයි.