සොයුඩෙලෝර් චණ්ඩ මාරුතය හේතුවෙන් චීනයේ පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු අතුරුදන් වී තිබේ.
එමෙන්ම, චණ්ඩ මාරුතයෙන් වොන්සූ ප්රාන්තයට ප්රබල බලපෑමක් එල්ල කර ඇති බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
මෙම චණ්ඩ මාරුතය මෙම වසරතුර ලොව පුරා බලපෑ ප්රබලතම චණ්ඩ මාරුතය ලෙස සැලකෙන අතර, එහි උපරිම සුළං වේගය පැයට සැතපුම් 180ක් ගෙන තිබුණි.
බටහිර පැසිෆික් කලාපයේ මේ වසරට චණ්ඩ මාරුත 10ක් සිදුවී ඇත.