පසුගිය අප්‍රේල් මාසයේ මුහුදුබත් වූ දකුණු කොරියාවේ සෙවෝල් යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරිණි.
මෙම යාත්‍රා අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 292 ක් ජීවිතක්ෂයට පත්වූ අතර, එසේ මියගිය පිරිසෙන් බහුතරය එරට උසස් පාසලක සිසුන්ය.
මෙසේ චෝදනා ගොනුකෙරන විට යාත්‍රාවේ කපිතාන් ලී ජූන් සෙඔක් හා තවත් තිදෙනෙකු වෙත සිතාමතා වගකීම් පැහැර හරිමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට දැඩි චේදනාවක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා කියා සිටියේ යාත්‍රාවේ රැගෙන යා හැකි සම්මත බර ප්‍රමාණයට වඩා අධික බර පැටවීමට එරෙහි වීමේ බලයක් කපිතාන්වරයාට නොවූ බවය. මේ හේතුවෙන් මෙම අනතුරට ඔහු වැරදිකරු නොවන බව ඔහුගේ නීතීඥයා කියා සිටියේය.
මේ අතර, නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මියගිය පිරිසේ බොහෝ ඥාතීන් උසාවිය වෙත පැමිණ සිටියහ.
මේ අතර, නඩුව මෙහෙය වූ විනිසුරුවරයා, චූදිතයන්ගේ නීතීඥයන් එල්ල කරන තර්ක අසා ඉච්ඡාභංගත්වයට පත් නොවන ලෙස එහි සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.