පුද්ගලයන් 300කට වැඩි පිරිසකට මරු කැඳවමින් පසුගිය අප්‍රේල් මාසයේදී මුහුදුබත් වූ සෙවොල් යාත්‍රාව අයත් සමාගමේ හිමිකරුගේ දියණියද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ප්‍රංශ පුවත් සේවය පෙන්වාදෙන පරිදි යූ බයුන්ග්-එවුන් නමැති යාත්‍රා හිමිකරුගේ දියණිය වන 47 හැවිරිදි යූ සොම්-නා පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට පත්ව තිබෙන්නෙ පැරීසියේ පිහිටි තම නිවසේ සිටියදීය.
ප්‍රංශය මේ වනවිට ඇය නැවත දකුණු කොරියාව වෙත පිටුවහල් කිරීමට සූදානමින් සිටින බව පැවසෙයි.
සෙවොල් මගී යාත්‍රාව මුහුදුබත් වනවිට එහි මගීන් 476 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, ජීවිත ගලවා ගැනීමට සමත්වූයේ පුද්ගලයන් 172 දෙනෙකු පමණි.
මේ අතර, අතුරුදන් ලැයිස්තුවේ පුද්ගලයන් 58 දෙනෙකු සිටින අතර, මියගිය අයගෙන් වැඩි පිරිසක් එරට උසස් පාසලක සිසුන් බවද කියැවෙයි.